ඇෆ්ගනිස්ථානයේ පාසලකට බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තදාසන්නයේ ද්විතීයික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී අනතුරට ලක්වූ වැඩි දෙනා එම පාසලේ සිසුවියන් බවයි ඇෆ්ගනිස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
සිසුවියන් පාසලෙන් නික්මෙන මොහොතේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඔවුන්ගේ පාසල් බෑග් ඇතුළු අනෙකුත් දෑ මාර්ගයේ විසිරී තිබූ බව සඳහන්.
ප්‍රහාරය සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය ඇතුළු කිසිවෙකු මෙතෙක් වගකීම භාරගෙන නොමැති අතර, එය සුන්නි මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක ප්‍රහාරයක් ලෙස සැලකෙනවා.
ප්‍රහාරයට ගොදුරු වූ ළමයින් බහුතරයක් හසාරා සුළු ජනකොටසට අයත් වන අතර, ඔවුන් ෂියා මුස්ලිම්වරුන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.