ඉන්දියාවේ සිට මුහුදෙන් ආව කහ කිලෝ 12000 ක් අත්අඩංගුවේ…!

නාවික හමුදාව ඇතුළු උතුරේ ආරක්ෂක අංශ විසින් මේ වන විට ඉන්දියාවේ සිට රැගෙන එන ලද වියළි කහ කිලෝ ග‍්‍රෑම් දොළොස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 27දෙනකු ආරක්ෂක අංශවලට කොටු වී ඇති අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත් පිරිස් හා කහ කුඩු ප‍්‍රමාණයන් මෙම සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවන බව උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දියාවේ සිට උතුරු මුහුද හරහා වියළි කහ ශ‍්‍රී ලංකාවට රැගෙන විත් දකුණේ සෙසු පළාත්වලට යවන ජාවාරම පිටුපස ඉන්දීය ධීවරයින් හා මන්නාරම් මුහුදු කලාපයේ ධීවරයින් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

මේ ජාවාරම නිසා ඉන්දීය ධීවරයින් හා උතුරු පළාතේ මන්නාරමේ ධීවරයින් අතර මීට පෙර ධීවර කටයුතු නිසා හටගෙන තිබූ විරසකභාවය ඉතා කුළුපඟ මිත‍්‍රත්වයක් බවට පත්ව ඇතැයි උතුරේ ධීවර සමිති නායකයෝ ප‍්‍රකාශ කරති.

වියළි කහ ජාවාරමේ නිරත ඉන්දීය හා මන්නාරම කලාපයේ ධීවරයන් එකට එක්ව කටයුතු කරන අතර ඔවුන් මුහුද මැද දී වියළි කහ තොග හුවමාරු කරගෙන ජාවාරමක් වශයෙන් වියළි කහ මිලට ගැනීම හා විකිණීම සිදු කරගෙන යන බව ද ධීවර සමිති නායකයෝ පැවසූහ.

මෙම වියළි කහ ජාවාරම සමග ඉන්දියාවේ සිට කොරෝනා ආසාදිතයින් හා එම වෛරසය පැමිණිය හැකි නිසා මේ ජාවාරම නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පළාතේ දේශපාලනඥයින් බලධාරීන්ගෙන් මේ වන විට ඉල්ලා තිබේ.

මන්නාරමේ සුළු පරිමාණ ධීවරයෙක් ඔවුන් මේ වියළි කහ ජාවාරමට එක්වූ අන්දම විස්තර කළේය. ඔහු දැනටමත් මේ ජාවාරමේ නිරතව සිටින්නෙකි.

‘‘ඉස්සර වෙලාම කොරෝනා ආව වෙලාවෙන් පස්සේ මන්නාරමේ විතරක් නෙමෙයි මුළු රටේම ධීවරයින්ට මුහුදු යෑමේ අවදානමක් ඇති වුණා. වෙනින් පළාත්වල අය කොරෝනාවලින් පස්සේ මුහුදු යන්න පටන් ගත්තත් මන්නාරමේ මුලතිව්වල ධීවරයින්ට ඒ අවස්ථාව හිමි වුණේ නැහැ. ඒකට හේතුව තමයි අයහපත් කාලගුණික තත්ත්වය. මේ දවස්වලත් මන්නාරමේ සහ උතුරේ ධීවරයින්ට මුහුදු යෑම තහනම්.

ඉතින් රස්සාව නැතුව ඉන්නකොට ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕනේ නේ. මුලින්ම ඉන්දියාවේ බෝට්ටුවලින් ආව රෙදි, විලවුන්, ත‍්‍රීරෝද රථ අමතර කොටස් වගේ දේවල් අපේ බෝට්ටුවලින් ගොඩ බිමට ඇදලා දීලා කීයක් හරි හොයා ගත්තා. ඒවගෙන් ලැබෙන මුදල අඩුයි.

මේ අතරේ අපේ අයගේ ඇස්වලට වැලි ගහලා කේරළ ගංජා වගේ දේවලූත් ඉන්දියාවේ ධීවරයින්ගේ බෝට්ටුවලින් ගෙනාවා. ඒවාට ටිකක් වැඩිපුර මුදල් අපේ අයට ලැබුණා. නාවික හමුදාවට අහු වෙන්නේ නැතුව තමයි මේ වැඬේ කරන්නේ. ඒක මේ කියනවා වගේ ලේසිත් නෑ. කරන්නේ කොහොමද කියලා කියන්නත් බැහැ.

මෙහෙම එක එක එව්වා කර කර ඉන්නකොට තමයි මන්නාරමේ පිරිසකට ඉන්දියාවෙන් වේලිච්ච කහ තොගයක් ලැබුණේ. ඒක හිතුවට වඩා විසි තිස් ගුණයකට මුදලාලිලාට විකුණගන්න පුළුවන් වුණා. එදා ඉඳලා මුදලාලිලා කහ ඉල්ලනවා අඩුවකුත් නෑ. ගේනවා අඩුවකුත් නෑ. අහු වෙනවා අඩුවකුත් නැහැ. ඉන්දියාවෙන් කහ ගේන අයට ලංකාවේ ගොඩ බිමට ඇවිත් කහ විකුණගන්න බැහැනේ. ඒක නිසා මුහුද මැද්දෙදි ගාණක් පොරොන්දු වෙලා අපේ අය කහ තොගය ගන්නවා. අරන් තිස් ගුණයක වගේ ලාබයක් තියාගෙන විකුණනවා.”

දැන් මේ පළාත්වල ගොඩාක් දෙනෙක් කරන්නේ මේ කහ බිස්නස් එකයි. ඒක අර කේරළ ගංජා තොගයක් කියන තැනකට අරන් ගිහින් දීලා කීයක් හරි හොයා ගන්නවාට වඩා ලේසියි. අනික අවදානම අඩුයි. හේතුව වේලිච්ච කහ කියන්නේ නීති විරෝධී දේකුත් නෙමෙයි, මත්ද්‍රව්‍යයකුත් නෙමෙයි නේ.

කහ කුඩු ගේන්නේ නෑ. ඒකට හේතුව තමයි බෝට්ටුවල එනකොට එව්වා තෙමෙනවා. කුඩු වේලූවට වැඩක් නෑ තෙමුණට පස්සේ. වේලිච්ච කහ තෙමුණට දිය වෙන්නේ නෑනේ. ඒක හින්දා කිලෝ පන්සීය දාහ ගේන්නේ වේලිච්ච කහ තමයි.’’

ඉන්දියාවේ සිට වියළි කහ හෝ කහකුඩු ශ‍්‍රී ලංකාවට මුහුදු මගින් රැගෙන ඒමේදී ඇති එකම වැරැුද්ද වන්නේ බලපත‍්‍රයක් නොමැතිව ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම හා ආගමන විගමන නීති රීති කඩ කිරීම පමණකි. මේ සඳහා ලැබෙන දඬුවම මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී ලැබෙන දඬුවම මෙන් කිසිවිටකත් ජීවිතාන්තය දක්වා ලැබෙන දඬුවමක් නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් කථානායකවරයා ඊයේ කළ ප‍්‍රකාශය මෙසේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 121(1* ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ‘‘විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය’’ නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 82(1) වැනි ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 82(5) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡුන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය වන බවත්, පනත් කෙටුම්පතේ 3, 5, 14 සහ 22 යන වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්,

එසේ වුවද 3 සහ 14 යන වගන්තිවල ඇති අනනුකූලතාව යෝජිත කාරක සභා සංශෝධන ප‍්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද 5 වැනි වගන්තියේ ඇති අනනුකූලතාව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.