කැස්බෑව සභාවේ මන්ත්‍රීවරුන් 33 ක් නිරෝධායනයට
හුදෙකලා කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරුන් තිස් පස් දෙනාගෙන් 33 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අද පියවර ගැනුණා.
ඒ, එහි මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.
අදාළ මන්ත්‍රීවරයා අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද වනවා.
පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා බවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන්.
එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී සුමන වීරමන් රණවීරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
අදාළ මන්ත්‍රීවරයා පසුගිය 04 වැනිදා පැවති කැස්බෑව නගර සභාවේ මහා සභා රැස්වීමටද එක්ව තිබෙනවා.
ඒ අනුවයි ඊට සහභාගි වූ කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 33 දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ.