පොලිස් විශේෂ කාර්ය බලකායට නව අත්තටුවක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ දිය මත මෙහෙයුම් සිදුකිරීම සඳහා වන විශේෂ ඒකකයක් එළිදැක්වීම ඊයේ (09) සිදුවුණා.

special water bond operation squad නමින් හැඳින්වෙන මෙම ඒකකයේ ඒකකය නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජලාශ ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මෙම විශේෂ ඒකකයේ සහය ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ.

මෙම ඒකකයට අවශ්‍ය උපකරණ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ වැඩපිළිවෙළ මඟින් හා ඒකක නිලධාරීන් සඳහා අවශ්‍ය කරනු ලැබූ පුහුණුව ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු ධාවකයින්ගේ සංගමය විසින් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඉදිරියේදී විශේෂ කාර්ය බලකාය ජලාශ්‍රිතව සිදුකරන මෙහෙයුම් වලදී මෙම ඒකකය හරහා අවශ්‍ය සහාය ලබා ගැනීමට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.