කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවලට සහන කාලයක්

අප්‍රේල් පළමුවනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට තවත් මාස 6 ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් ප්‍රකාශ කළා.

එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර දැමීමටයි ඊයේ පියවර ගැණුනේ.

නැවත සියලු සේවාවන් ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.