අත්‍යාවශ්‍ය සේවා සහ පාරිභෝගික භාණ්ඩ අඛන්ඩව බෙදා හැරීමට නව යාන්ත්‍රණයක්
අත්‍යාවශ්‍ය සේවා හා පාරිභෝගික ද්‍රව්‍ය අඛන්ඩව, කාර්යක්ෂමව ජනතාවට බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීයි.
යම් දිස්ත්‍රික්කයක ප්‍රදේශයක් නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හෝ හුදකලා කිරීමක් සිදුකළහොත් එම ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ අරමුණින් මෙම යාන්ත්‍රණය සකස් කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.
ඒ අනුව, ජලය, විදුලිය,ගෑස්, ඉන්ධන, සෞඛ්‍ය හා සන්නිවේදන සේවා, සැපයීම් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
මේ සඳහා ප්‍රාදේශීය මට්ටමින් සැලසුම් සකස් කර ලබන 12 වනදාට පෙර ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත තහවුරු කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත්තේ.