පළාත් අතර සංචරණ සීමාවන් අද මධ්‍යම රාත්‍රියේ සිට

පළාත් අතර සංචරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මැයි 30 වනදා දක්වා මෙලෙස පළාත් අතර සංචරණ සීමා පනවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (10) අදාළ බලධාරීන්ට දැනුම් දී තිබුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා දක්වා බලපැවැත්වෙනු ඇති.

කෙසේ නමුත්, මෙම සීමාවන් අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.