මුතුරාජවෙල තෙත් බිම් කලාපය ජාතික රක්ෂිතයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

මුතුරාජවෙල තෙත් බිම් කලාපය, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

හෙක්ටයාර 6232 ක පැතිර ඇති මෙම තෙත් බිම් කලාපයෙහි හෙක්ටයාර 1285 ක භූමි ප්‍රමාණය වනජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස දැනටමත් නම් කර තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අනෙක් හෙක්ටයාර 162 භූමි ප්‍රමාණය මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබුවා.

මුතුරාජවෙල තෙත් බිම් කලාපය රැම්සා තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

මෙම තෙත් බිම් කලාපය සංරක්ෂණයට සහ තිරසාර භාවිතය සඳහා වර්තමානයට ගැලපෙන ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමට ද තීරණය වී තිබෙනවා.