මෙරට දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි – තුන්මස් බිළිඳියකුත් ඒ අතර

ඊයේ (10) දිනයේත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2500 සීමාව ඉක්ම වූවා.

එසේම, ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 26 ක්ද වාර්තා වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වත්තේගම ප්‍රදේශයේ පදිංචි මාස 03 බිළිඳියක් ද මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියයාම විශේෂත්වයක්.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මියයාමට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් බහු ඉන්ද්‍රිය අක්‍රීය වීමේ තත්ත්වයයි.

නව කොරෝනා ආසාදිතයින් 2,624 දෙනෙකු ඊයේ (10) මෙරටින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 28,530 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වූවන් 1,148 ක් සුවවීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 5,611ක්.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනය වූවන් 22,118 ක් ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව සිදුවූ මරණ වලින් විසි දෙදෙනෙකුම මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව තත්ත්වය හේතුවෙන්.

ඊයේ මියගිය පුද්ගලයින් අතර නෑබඩ ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක සිටින අතර, හෙටිට්පොල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ අකුරැස්ස ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවක්ද වනවා.

මීට අමතරව ගාල්ල, පල්ලෙවෙල, මහනුවර, මතුගම, පාදුක්ක, නෑබඩ, යාපනය, මීගහගොඩ, කළුතර, මොරොන්තුඩුව, අනුරාධපුරය, වැල්ලවත්ත, කළුඅග්ගල, මොරටුව, මල්වාන, බොරැල්ල, මට්ටක්කුලිය, කඳාන, මාස්වෙල සහ මාලඹේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුද වනවා.