සිව් වසරක් යන්නටත් පෙර කැඩී බිඳී ගිය ත්‍රෛභාෂා පාසල් ගොඩනැගිල්ල
මේ ‘‘පිබිදෙමු පොළොන්නරුව“ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ජාතික සංහිඳියාව වෙනුවෙන් මුල්ගල් තැබූ ‘‘කඳුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසල් ගොඩනැගිල්ලයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 වසරේ සැප්තැම්බර් මස 17 වැනි දින මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ද සහභාගීත්වයෙන්.
රුපියල් කෝටි 120ක ඉන්දීය ණය ආධාර සහ මෙරට අරමුදල් ද යොදා පාසල් ගොඩනැගිල්ල වසරකින් නිමකර සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබුණ ද අද ඊට අත්ව ඇති ඉරණමයි මේ.
ගොඩනැගිල්ලේ වැඩ කොන්ත්‍රාත්කරුවන් විසින් අතරමඟ නතර කර දමා ගොස් ඇත්තේ එහි දොර ජනෙල් ද විනාශවීමට ඉඩ හරිමින්.
සිව් වසරක් යන්නටත් පෙර ගොඩනැගිල්ලේ ඇතැම් කොටස් කැඩී බිඳී ගොස් ඇති ආකාරය හිරු කැමරාවේ මෙලෙස සටහන් වුණා.