මැරෙන්න යන ජනතාව ජීවත් කරවන්න සජිත් ‘විපක්ෂයෙන් හුස්මක්’ පිඹී
“විපක්ෂයෙන් හුස්මක්” – කොරෝනා ව්‍යසනයට එරෙහි සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්විණි.
එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක,ජ් යෙෂ්ඨ උප සභාපතිවරු වන තලතා අතුකෝරාල,රාජිත සේනාරත්න, කබීර් හෂීම්, සහකාර ලේකම් කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන අද (11) සිට ආරම්භ කරනු ලැබේ.