රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක නිලන්ත ප්‍රේමරත්න පවසනවා.

අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පලවී තිබූ අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!