යලිත් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් 2568 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එම ආසාදිතයින් සංඛ්‍යාව 606 ක්.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එම ආසාදිතයින් සංඛ්‍යාව 40 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 417 ක් වාර්තා වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300 ක් වාර්තා වුණා.