රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා සියලුම සංචරණ කටයුතු තහනම් වනවා.

මෙම සංචරණ සීමාවන් ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා එය බලනොපැවැත්වෙනු ඇති.