මෙරට එන්නත්කරන වැඩසටහන මිලියනයේ සීමාවට පැමිණෙයි
කොවිඩ් 19 වසංගත රෝග තත්වයට එරෙහි මෙරට එන්නත්කරන වැඩසටහන මිලියනයේ සීමාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව අද දිනය වනවිට මෙරට මිලියනයක් ජනතාව කොවිඩ් පළමු මාත්රාව ලබාගෙන තිබෙනවා.
එම එන්නත්කරණය බෙදී ගොස් ඇත්තේ ඇස්ට්රාසෙනෙකා එන්නත් 925,242ක්, ස්පුට්නික් එන්නත් 11332ක්, සයිනොෆාම් එන්නත් 71,203ක් ලෙසින්.