සජිත් හමුවන්න බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් එයි..සජිත් රටට සෞඛ්‍ය ආධාර ඉල්ලයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (12) විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැත්විණි.

කොරෝනා ව්‍යසනය අබියස ලෝකය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර කොරෝනා උවදුර මැඩලීම පිණිස බ්‍රිතාන්‍යයේ සහය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව මේ අවස්ථාවේ මෙරට සෞඛ්‍ය ක්ශේත්‍රයට අවශ්‍ය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!