කොවිඩ් වසංගත තත්වය හමුවේ මැයි 31 දක්වා ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් වසංගත තත්වය හමුවේ ක්‍රියාත්මක කළයුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ‍ෙ ජනරාල්වරයා විසින් නිකුත් කෙරිණි. මෙම මාර්ගෝපදේශ මාලාව අද සිට මැයි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

මේ යටතේ මංගල උත්සව ඇතුළු සියලු උත්සව අත්හිටුවා ඇති අතර උපරිමය 15 කට යටත් වන පරිදි සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය පමණක් සිදු කිරීමට අවසර හිමි වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අවමංගල කටයුතු සිදු කිරීමේදී මෘතදේහය රෝහලින් මුදාහැර පැය 24 ක් ඉක්මයාමට මත්තෙන් සියලු කටයුතු අවසන් කළ යුතුය.

පෞද්ගලික කුලී රථ සඳහා පැනවූ මාර්ගෝපදේශ අනුව කාර් හා ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර ඇත. සෙසු වර්ගවල වාහන සඳහා ආසන ධාරීතාව දක්වා සීමා කර ඇත.