කොවිඩ් එන්නත් මිශ්‍රකර භාවිතයට WHO නිර්දේශ හිමිවී නෑ..!
කොවිඩ් එන්නත් මිශ්‍රකර භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවමත් කිසිදු අවසරයක් හෝ නිර්දේශයක් හිමිව නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
අද (12) පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් ඇය සඳහන් කළේ, සිදු කෙරෙන පර්යේෂණ අනුව ඉදිරියේදී නිර්දේශ වෙනස් විය හැකි බවයි .
පළමු මාත්‍රාව ලබා ගත් එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව ලබා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන බවද අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.