කොළඹ ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් නයිටීන් වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත ලබන සඳුදා උදෑසන 5 වන තුරු මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවු කොවිඩ් ආසාදිතයින් පිළිබඳව සලකා බලා නිරෝධායන කටයුතු සිදුකිරීමටයි මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ. ඒ අනුව එම පොලිස්බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සංචරණය සම්පූර්ණයෙන්ම සීමාකර නිවෙස්වලට වී රැඳී සිටින ලෙසට. එමෙන්ම පොලිස් වසම් හරහා ගමන් කිරීමට වාහනවලට හැකියාවක් ලැබෙනවා.නමුත් කිසිම අවස්ථාවක එම වාහන පොලිස් වසම්වලට අයිති මාර්ගවල නවතා තැබීම, මගීන් නංවා ගැනීම , මගීන් බැස්සවීම සිදුනොකළ යුතුයි. එසේ සිදුකළහොත් එය නිරෝධායන ඇඳිරි නීතිය යටතේ වරදක් ලෙස සලකා කටයුතු කිරීමට සිදුවෙනවා.“