අද රාත්‍රි සිට ලබන ඉරිදා තෙක් CTB බස් නෑ

අද රාත්‍රි 11.00 සිට ලබන සඳුදා (17) අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් ඉරිදා දිනය තෙක් බස් රථ ධාවනයක් සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකර ඇති විමසීමකදී එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසා ඇත්තේ හෙට දිනයද නිවාඩු දිනයක් වීම සහ සංචරණය සීමා කර ඇති බැවින් ජනතාවට ප්‍රවාහන අවශ්‍යතාවක් ඇති නොවනු ඇතැයි උපකල්පනය කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ නමුත් අත්‍යවශ්‍ය රාජකාරීවලට පැමිණෙන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිළධාරින් ඔවුන්ගේ අවශ්‍යතාව මත යම් ඉල්ලීමක් සිදු කළහොත් ඒ සදහා බස් රථ ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබේ.