අද සිට සඳුදා තෙක් නිවසින් පිටට යන්න බෑ

අද (13) රාත්‍රී 11 සිට 17 වැනිදා අලුයම හතර තෙක් පවතින සංචරණ සීමා තහනම යටතේ හැඳුනුම්පත් අංකය යටතේ හෝ නිවසින් බැහැරවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමට හැකි බවද යම්කිසි රෝගී තත්ත්වයකට පමණක් රෝහලකට යාමේ හැකියක් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.