අන්තවාදී පංති සංවිධානය කළ අයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට පෙර 2018 අග භාගයේදී පාස්කු ප්‍රහරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදය පිළිබඳව පංති සංවිධානය කළ 38 හැවැරිදි පුද්ගලයෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුතූර්හි පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අනුව ප්‍රශ්න කිරීමට නියමිතය.
ඊට අමතර පාස්කු ප්‍රහාරය පිළිබඳව මීට පෙර අත්අඩංගුවට ගෙන කෑගල්ල බන්ධනාගාරයේ හා පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකුද වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.