සුමත්‍රා හි භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැහැ
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා හි බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ රික්ටර් පරිමාණයේ 6.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් අද දහවල් 12.03 ට පමණ සිදුවූ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.