දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදෙකලා කරයි

මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ රැසක් හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරන්කුලම් පොලිස් වසමේ වැවපාර මන්චෝනා දෙසට, වේවින් මිල් මාවත, වේලාපොඩි පාර, කනකිඅම්මාන් කෝවිල පාර වෙරළබඩ දෙසට, ලකේ මාවත, විතන්‍ය දෙසට සහ අප්පුහාමි මාවත වෙරළබඩ දෙසට යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කරනු ලැබුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පොලිස් බල ප්‍රදේශයේ කින්නියා, පෙරියාකින්නියා, කුට්ටිකරච්චි, අහුතර් නගරය, පෙරියතුමුනේ, මලින්තුරේ, රාහුමනියාන් නගරය, සින්නකින්නියා, මන්චෝලි, කට්ටයාරු, කිරින්චකන්නි, මුනාචචෙනෙයි යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ හමන්ගල්ල, නාරංගොඩ උතුර, නාරංගොඩ දකුණ, බටපොතැල්ල, මල්ගමුව, දොඩංපොත්ත සහ නාරංගමුව යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කර ඇති බවයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

එමෙන්ම ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ වත්තේගෙදර, කටුගම්පොල, කවුඩුමුන්න, හමනාගොඩ, වෑත්තෑව, මුම්මානා, මාහරගම, පහල මැද්දේපොල, ඉහළ මැද්දේපොල,  කෝඳුරුවාවල, මාහින්ගමුව, සියඹලාවලාන, බෝපිටිය, ඉහළ ලබ්බල, පහළ ලබ්බල, මත්තේගම, වැල්ලව, යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනට දිවයිනටම බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති සංචරණ සීමා ලබන සඳුදා අලුයම හතරට ඉවත් කෙරුණද අද කරනු ලැබූ හුදෙකලා කිරීම් නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනු ඇති.

ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම්ි හුදෙකලා භාවයෙන් ඉවත් කරනු ලැබුවා.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ සුහදුමාවත සහ චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කවත්තිකුඩා ග්‍රාමනිලධාරී වසමේ විජේරත්න මාවත මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්බුවල වයඹ, බෝම්බුවල නිරිත, බෝම්බුවල උතුරුමැද, බෝම්මුවල දකුණ මැද, බෝම්බුවල ගිණිකොණ, බෝම්බවල වයඹ යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රදේශ හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණද දැනට දිවයිනටම බලපැවැත්වෙන සංචරණ සීමාවන්ට යටත්වනු ඇති.