ජන ජීවිත සහමුලින්ම කඩා වැටීලා එන්නත් හිගකම නිසා රටේ ජනතාවට මරු පහරක් එල්ල වෙලා -සජිත්
ඉස්තාලය කඩලා අශ්වයා පැනලා ගිහින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
ජන ජීවිත සහමුලින්ම කඩා වැටී ඇති බවත්, එන්නත් හිගකම නිසා රටේ ජනතාවට මරු පහරක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ සියලු ව්‍යසන අතරේ මේවා කලමනාකරණයට පත්කොට ඇති නායකයින් රටින් පලා යන බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනතාවට සහන සැලසීමේ යාන්ත්‍රණය නොවලහා ක්‍රියාත්මක කළයුතු බවත් පැවසීය. ණය වාරික කපා දමා,ලීසිං සහන ලබාදී ජනතාවට සහනයක් සැලසීමට ආණ්ඩුව නොවලහා කටයුතු කළ යුතු යැයිද ඒ මහතා කීය.