මෙරට සිට ඕස්ට්‍රේලියාවට යාමට පෙර කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ඕස්ට්‍රේලියාව වෙත යන ගුවන් මගීන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය බව එම ගුවන් සේවය පවසනවා.

කොළඹ – ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව හෙට සිට මෙම කොරෝනා පරීක්ෂණ අවශ්‍ය බවටයි එමගින් දැනුම් දී ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව නියමිත ගුවන් ගමන පිටත්වීමට පැය 72ක් හෝ ඊට අඩු කාලයක් තුළ මෙම කොරෝනා පරීක්ෂණ වාර්තා ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතු වනවා.

අදාළ ගුවන් ගමනට පැය 8කට පෙර ලබාගත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වන අතර පැය 72ක් ඇතුලත සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේ.