ටියැන්වෙන් රෝවරය අඟහරු මතට ගොඩබායි

බීජිං, මැයි 15 (ෂින්හුවා) – චීනයේ පළමු අඟහරු රෝවරය රැගත් ලෑන්ඩරය බීජිං වේලාවෙන් සෙනසුරාදා (15දා) අලුයම අඟහරු (රතු ග්‍රහලෝකයට) සාර්ථකව ඇතුළත් වූ බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකට චීනය රෝවරයක් යොමුකළ පළමු අවස්ථාව මෙයයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දකුණු චීනයේ දූපත් පළාතක් වන හයිනාන් වෙරළ තීරයේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයෙන් 2020 ජූලි 23 වන දින ලෑන්ඩර් සහ රෝවරයකින් සමන්විත ටියැන්වෙන් -1 දියත් කරන ලදී.

එය චීනයේ ග්‍රහලෝක ගවේෂණයේ පළමු පියවර විය. අඟහරුග්‍රහයාගේ කක්ෂගත කිරීම, ගොඩබෑම සහ සැරිසැරීම සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම දියත් කරන ලදී.