පෞද්ගලික අංශය හෝ යොදවා හිඟ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ හය ලබාගැනීමට සූදානම්

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු  කෙරෙන කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (15) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන අතර බොහෝ ප්‍රදේශවල එන්නත් ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව දෙලක්ෂ පනස් හයදහස් හතරදෙනෙකුට ලබාදී ඇති අතර, සිනොෆාම් එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 76,762 ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊයේ දිනය තුළදී පමණක් සිනොෆාම් එන්නත් මාත්‍රා 61,882 ක් ලබාදී තිබෙනවා.

ස්පුට්නික් වී එන්නත මේ වනවිට පුද්ගලයින් 14,673 කට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

මේ අතර, කොළඹදී අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටියේ කොරෝනා තුන්වන රැල්ලෙන් ආරක්ෂාවීමට ඇති එකම විසඳුම එන්නත්කරණය නොවන අතර, හැකිතාක් නිවසට වී සිටිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම බවයි.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව ලබාදීමට නම් තවත් මාත්‍රා ලක්ෂ 06 ක් පමණ අවශ්‍ය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවේ පවතින තත්වය හේතුවෙන් එම ප්‍රමාණය ලබාගැනීමට නොහැකිවී ඇති අතර, පෞද්ගලික අංශය හෝ යොදවා අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ හය ලබාගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටියේ.