ජලාශ 10ක් වාන් දමයි – තවත් ජලාශ 15ක ජලය උපරිම ධාරිතාවට
පැවති අධික වැසි තත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්රධාන ජලාශ 10 ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන ප්රකාශ කළා.
මේ අතර පැවති වර්ෂාවත් සමඟ මැදවච්චිය – කිඩවරම්කුලම මහ වැව බිඳී යාමේ අවදානමක් පවතින බව කිඩවරම්කුලම ගම්වාසීන් පවසනවා.
මෙම වැව බිඳී ගියහොත් කුඹුරු අක්කර 375 ක් පමණ විනාශ විය හැකි බවයි ඔවුන් කියා සිටියේ.
මෙම අවදානම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය, පදවිය වාරිමාර්ග කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එහි ඉජිනේරු ප්රදීප් වැලිවිට සඳහන් කළේ වැවේ ජල මට්ටම පහළ අගයක පවතින විටදී ප්රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවයි.
ඒ සඳහා තවත් මාසයක කාලයක් ගතවන බවද ඔහු කියා සිටියා.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂපතනය නුවරඑළිය දිස්ත්රික්කයේ නෝර්ටන් ප්රදේශයෙන් වාර්තාවී ඇති අතර, එහි අගය සටහන් වූයේ මිලිමීටර 89ක් ලෙසයි.