අයහපත් කාලගුණයෙන් එක්ලක්ෂ පනස් දහසකට විදුලිය විසන්ධි වෙයි
දිවයිනට බලපා ඇති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් එක්ලක්ෂ පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.
ඒ පිළිබඳව වාර්තාවී ඇති සිද්ධීන් ප්‍රමාණය 22,000 ක් පමණ බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
බහුතරයක් සිද්ධීන් මාතර, ගාල්ල, කළුතර, මහනුවර, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇති අතර, මේ වනවිට ඒවා යථා තත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.