ඊශ්‍රායල – පලස්තීන ගැටුම් ගැන විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, කලාපය අස්ථාවරවීමේ තර්ජන ඇති නොවීමට පියවර ගන්නා ලෙසත්, ශ්‍රී ලංකාව සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කරනවා.

ඊශ්‍රායලයේ සහ පලස්තිනයේ ප්‍රචන්ඩත්වය ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බවට නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ බව කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර හටගෙන ඇති තත්වය සම්බන්ධයෙන් මෙරට පලස්තීන තානාපතිවරයා වෙත දැඩි කණස්සල්ල පළ කළ බව විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබඳවද එහිදී දැනුම්දුන් බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළේ එම කලාපයේ උද්ගතව ඇති නවතම ගැටළු සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්වන බවයි.

පලස්තීන සහයෝගීතාව සඳහා වූ කමිටුවේ ආරම්භක සභාපතිවරයා වශයෙන් තමන් පලස්තීන ජනතාවට රාජ්‍යයත්වයට ඇති නීත්‍යානුකූල අයිතිය තහවුරු කළ යුතු බවට වන ස්ථාවරයේ සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එමඟින් සඳහන් කර ඇත්තේ.