හැඳුනුම්පතේ අවසන් අංක ක්‍රමවේදය කැඩූ 141කට වැඩ වරදියි

ජාතික හැඳුනුම්පතේ අවසන් අංක ක්‍රමවේදය උල්ලංඝනය කරමින් සංචරණ සීමා කඩ කළ පුද්ගලයින් 141 දෙනෙකු ඊයේ (17) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අද (18) දිනය ඉරට්ටේ දිනයක් බැවින් ජාතික හැඳුනුම්පතේ අවසානයට 0,2,4,6,8 යන අංක ඇති පුද්ගලයින්ට අවශ්‍යතාවන් සඳහා නිවසෙන් බැහැරව යාමට අවසර හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!