ඉපැරණි භාණ්ඩ සොයා හැටන් ගිය සීතාවකපුර ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයකු සමඟ තිදෙනෙක් කොටුවෙති
වාලම්පුරියක් ඇතුළු ඉපැරණි කාසි, ඉපැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ, ඉපැරණි පිළිම මිල දී ගැනීමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනෙක් හැටන් පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (21දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයට පැමිණ එම භාණ්ඩ මිල දී ගැනීමට පිරිසක් සමග සාකච්ඡුා කර ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (21දා) රාත්‍රි 8.30ට පමණ හැටන් පැති වීදියේ දී සැකකරුවන් සහ ඔවුන් පැමිණි කුඩා වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් සමාජ මාධ්‍යය හරහා එම ඉපැරණි භාණ්ඩවල ඡුායාරූප හුවමාරු වී ඇති බවත්, එම භාණ්ඩ සඳහා විශාල වටිනාකමක් නියම කර ඇති බවත් හැටන් පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තොරතුරු වසන් කරන බවත්, එම සැකකරුවන් අවිස්සාවේල්ල, හපුතලේ, ඔහිය, වටවල යන ප්‍රදේශවල පදිංචි 25, 26, 27, 48 යන වයස් කාණ්ඩවල පසුවන අය බවත් හැටන් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස්, හැටන් මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. එස්. පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උ. පො. ප. ප්‍රදිප්, පො. සැ. නන්දසිරි (1139), පො. කො. සමරකොන් (92617) යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.