චීනයේ විවාහ වීමට කාන්තාවන් අපේක්ෂාවෙන් පිරිමි මිලියන 30 ක් නිවෙස්වල
චීනයේ විවාහවීමට කාන්තාවන් අපේක්ෂාවෙන් පිරිමි පුද්ගලයන් මිලියන 30 ක් පමණ නිවෙස්වල සිටින බව එරට නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.
පසුගිය සතියේ චීන ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය මගින් මේ බව නිවේදනය කළේ එරට හත්වන ජාතික සංගණනයේ තොරතුරු උපුටා දක්වමින්.
පසුගිය වසරේදී බිළිඳු දරුවන් මිලියන 12 ක් උපත ලබා ඇති බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය ප්‍රකාශ කළා.
මේ අතර හොංකොංහි විද්‍යා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගිටෙල් බැස්ටන් පවසන්නේ චීනයේ පවුල්වල ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට උපත ලබාදීමේ වැඩි කැමැත්තක් පවතින බවයි.
චීනයේ මෙම ජනගහන අසමතුලිතතාවයට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක සිට එරට තුළ ක්‍රියාත්මක වූ එක් පවුලකට එක් දරුවෙක් ප්‍රතිපත්තිය බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.