මේ දක්වා රටකින් වාර්තාවූ වැඩිම දෛනික මරණ ඉන්දියාවෙන්

ගතවූ පැය විසි හතර තුළ ද ලොව වැඩිම ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉන්දියාවෙන් වාර්තාවී තිබෙනවා.

ඒ, එරටින් නව ආසාදිතයන් 267,174 දෙනෙකු සහ නව මරණ 4,525ක්  වාර්තාවීමත් සමඟයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර දිනක් තුළ රටකින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ද එය ලෙස සැළකෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ආසාදිතයන් ලක්ෂ 3 ට අඩුවෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

එම තත්වය හමුවේ රෝගීන්ගෙන් පිරී ගොස් තිබූ නවදිල්ලි නුවර රෝහල්වල යළි ඉඩකඩ පවතින තත්වයක් දක්නට ලැබෙන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව නවදිල්ලි නුවර ඇඳන් 14,805 ක දැනටමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සිටින අතර, තවත් ඇඳන් 12,907 ක ඉඩකඩ පවතින බව එම වාර්තාවල දැක්වෙනවා.

අප්‍රේල් 5 වනදා සිට මේ දක්වා නවදිල්ලි නුවරින් වාර්තාවූ අඩුම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව  ඊයේ වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 4,482 ක්.

එය කොරෝනා වසංගතයේ වැඩි බලපෑමකට ලක්ව තිබූ  නවදිල්ලි අගනුවර ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 6.89 ක පහත වැටීමක්.