සම්බන්ධන්ට සහ දිගම්බරම්ට මාස තුනකට නිවාඩු අනුමතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්ට සහ පලනි දිගම්බරම්ට මාස තුනක කාලයක් සඳහා නිවාඩු ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද අවසර ලබාදුන්නා.

ඊයේ සිට මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අදාළ අවසරය  හිමිව ඇති අතර, ඔවුන් දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නිවාඩු ඉල්ලීම කර ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!