පාලනය නොකළහොත් සති තුනක් ඇතුළත ව්‍යසනයක් – වෛද්‍යවරු අනතුරු අඟවති
කොවිඩ් වසංගත තත්ත්වය ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, ඒ අනුව සියලුදෙනා එක්ව වෛරසය මර්දනය කිරීමට කටයුතු කළ යුතු බවය.
එසේ නොමැති නම් මෙය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බව ද පැවසු වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මේ මොහොතේ අවශ්‍ය පියවර නොගැනීම තුළින් තවත් මාසයකින් හෝ සති තුනකින් අති භයානක තත්ත්වයක් දැකිය හැකි බවත් පැවසීය.
මේ අතර අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසා සිටියේ කොවිඩ් එන්නත් ලබාගත් විගස කිසිවෙකුටත් ඉන් ආරක්ෂාවක් නොලැබෙන බවය.
ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, “එන්නත ගහලා පහුවෙනි දාට කාටවත් ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. සයිනෝෆාම් වගේ එන්නත් ගහලා සති 6ක් විතර යනවා. ඇස්ට්රසෙනිකා එන්නත ගහලා දවස් 21ක් යනවා. බොහෝ වෙලාවට හොඳ ප්‍රතිශක්තිකරණයක් එන්නේ දෙවැනි මාත්‍රාව ලබා දුන්නට පස්සේ.“ යනුවෙනි.