වරාය නගර පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත්
වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ විවාදය දෙවන දිනය සඳහා ආරම්භ වී තිබෙනවා.
පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4ට පැවැත්වීමට නියමිතයි.
මේ අතර සමගි ජන බලවේගය අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම පරිශ්‍රයේ වරාය නගරය පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක ද නිරත වුණා.