ලක්ෂපාන ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් – කුඩා ළමුන් දෙදෙනෙකුත් ඒ අතර

ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව තහවුරු වූ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.

අසාදිතයන් අතර අවුරුදු 2 සහ අවුරුදු 5 ක ළමුන් දෙදෙනෙකු ද සිටිනවා

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම පවුලේ එක් අසාදිතයෙකු හදුනාගැනීමෙන් අනතුරුව පවුලේ අනෙක් සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි. සි .ආර් පරික්ෂණ වාර්තා අනුව අනෙක් අසාදිතයන් 05 දෙනා හදුනාගැනිමට හැකි වී තිබෙනවා.

එම අසාදිතයන් පදිංචි නිවාසයට ආසන්නයේම තවත් අසාදිතයෙකුද හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා.