කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක්
කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබූ නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.
සිංගප්පූරු සමාගමකට අයත් රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නැමැති මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුව ලෙස නාවික හමුදාව සඳහන් කළා.
ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.
අදාළ නෞකාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාළුම් 1486 ක් එහි තිබූ බව සඳහන්.
නෞකාව පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින්ගෙන් සමන්විත 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් යුක්ත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.
නෞකාව මේ වනවිට කොළඹ වරායේ බෝපිටිය ප්‍රදේශයට නාවික සැතපුම් 06 ක් පමණ ඈතින් ස්ථානගතව පවතින අතර, ඩෝරා යාත්‍රා දෙකක් සහ නෞකා දෙකක් ගින්න නිවීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.