මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ වියදම සංවර්ධන කටයුතු වෙනුවෙන්

මෙවර නාගදිප රජමහා විහාරය කේන්ද්‍රකොට පැවැත්විමට තිබු රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මිලයන 100කට වැඩි මුදලක් වැය කිරිමට නියමිතව තිබු අතර මේ වන විට එම මුදල් සංවර්ධන සහ සමාජ සත්කාර සඳහා යොදවන්නට සැලසුම් කර තිබෙන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා පවසයි.

අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙවර රාජ්‍ය උත්සවය නොපැත්වෙන අතර උතුරු පළාතේ සියලුම පන්සල්වල සංවර්ධන කටයුතු සඳහා එම මුදලින් මිලියන 38ක මුදලක් වැය කිරිමට නියමිත බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!