ඊයේ කොරෝනා ආසාදිතයෝ 865ක්…

ඊයේ කොරෝනා ආසාදිතයෝ 865ක්… දිනක වැඩිම ගණන; මරදානට දෙමටගොඩට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය

මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙන කොරෝනා රැුල්ල හේතුවෙන් මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයෝ 865 දෙනෙක් ඊයේ (23වැනිදා)දිනයේ් වාර්තා වූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ආසාදිතයන් හයසිය නවදෙනා අතරින් පුද්ගලයන් 535 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් වාර්තාවිණි. ගාල්ල ධීවර වරායෙන් පුද්ගලයන් 05දෙනකු හා බේරුවල ධීවර වරායෙන් පුද්ගලයන් 20දෙනකු ද වාර්තා වී තිබුණි. නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 48දෙනකු සහ ඔවුන්ගේ ආශි‍්‍රතයන් 20දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

වාහම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත‍්‍රික්කයේ මරදාන, දෙමටගොඩ පොලිස් බල ප‍්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය

මීට අමතරව කළුතර දිස්ත‍්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලූත්ගම යන පොලිස් බල ප‍්‍රදේශවලටද නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වන බවත් එය 26 වැනි සඳුදා අලූයම 5.00 තෙක් බලපැවැත්වෙන බවත් හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කරයි.

එමෙන්ම කළුතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මගුරුමස්විල, ගුලවිට උතුර, ගුලවිට දකුණ, මාකලන්දාව සහ වෙදවත්ත යන ප‍්‍රදේශ හුදකලා කළ බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය