ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්

ඊයේ (21) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3547 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඊයේ (21) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 800 දෙනෙකු හඳුනා ගත් බවයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා.

එම සංඛ්‍යාව 74 ක්.

ඊට අමතරව, නාරාහේන්පිටින් ආසාදිතයින් 73 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන්.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 617 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 ක් ද ඊයේ (21) හඳුනාගනු ලැබුවා.