සටන් විරාමයත් සමඟ ගාසා තීරයට ආධාර පැමිණේ
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමඟ ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර ලැබෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඊශ්‍රායලය විසින් අවහිර කර තිබූ ගාසා තීරයේ පිවිසුම් ඊයේ නැවතත් යළි විවෘත කරනු ලැබුවා.
ඒ අනුව ආහාර, ඖෂධ සහ ඉන්ධන ගාසා තීරයට රැගෙනවිත් ඇති බව සඳහන්.
දින 11 ක පලස්තීන – ඊශ්‍රායල ගැටුමට මුල් වූ ජෙරුසෙලමේ අල්අක්සා දේවස්ථානය ආශ්‍රිතව තවමත් පවතින්නේ උණුසුම් තත්ත්වයක්. කෙසේ නමුත්, දෙපාර්ශවය අතර අවි ගැටුම් නතර වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
පසුගිය 10 වැනිදා ආරම්භ වූ ගැටුම්වලින් ගාසා තීරයේ පලස්තීනුවන් 243 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, කාන්තාවන් හා ළමයින් සියයකට වැඩි පිරිසක්ද ඊට අයත්. ඊශ්‍රායල පාර්ශවයේද ළමයින් දෙදෙනෙකු ඇතුළු 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ ගාසා තීරය යළි ගොඩනැගීමට අමෙරිකාවේ සහය හිමිවන බවයි.
පලස්තීනය සහ ඊශ්‍රායලය යන රාජ්‍ය දෙකේ සැලසුම ගැටුම් ස්ථිරව අවසන් කිරීම සඳහා එකම විසඳුම බව ඔහු යළි අවධාරණය කළා.
කෙසේ නමුත්, ඊශ්‍රායලයේ පැවැත්ම වෙනුවෙන් අමෙරිකාවේ කැපවීම වෙනස් නොවන බවයි ජනපති ජෝ බයිඩ්න් කියා සිටියේ.