ගාර්නියා බැරිස්ටර්ට අධිචෝදනා ගොනු කිරීමට යයි
පැහැර ගැනීමට ලක් වූවායැයි පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව වන ගාර්නියා බැරිස්ටර් යන අයට එරෙහිව විමර්ශන අවසන් බැවින් ඇයට අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය. මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කරනු ලැබුවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120(3) වගන්ති ප්‍රකාරව ගාර්නියා බැස්ටියන්ට එරෙහි විමර්ශන අවසන් බවත් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත නඩුව කැඳවීම අවශ්‍ය නොවන බවටය.
සැකකාරියට එරෙහිව විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඉදිරියේ දී මහාධිකරණය හමුවේ ඇයට අධිචෝදනා ගොනු කරන බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සැල කර සිටියේය.
ශ්‍රි ලංකා ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ සේවය කරන ගාර්නියා බැස්ටිස් සුදු වෑන් රථයකින් පැහැර ගොස් ලිංගික අතවර සිදු කර නිශාන්ත සිල්වා යන අයෙකුට විසා ලබා දිම සම්බන්ධයෙන් ප්‍රශ්න කර රදවා තබා ගෙන මුදා හැරි බවට ස්විටසලන්ත තනාපති කාර්යාලය හරහා ලිඛිතව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ල අනුව මෙහි විමර්ශන ආරම්භ කෙරිණ.
අදාළ විමර්ශන අනුව 2019 දෙසැම්බර් 9 වන දින ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතරුව රක්ෂිතබන්ධනාගාරගත කෙරිණ.