සයිබර් ප්‍රහාරයකින් ඉන්දීය ගුවන් සේවයේ ගණුදෙනුකරුවන්ගේ තොරතුරු එළියට
ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්ඩියා හි පරිගණක ජාලයට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් එහි ගණුදෙනුකරුවන් හතලිස් පන් ලක්ෂයකට වැඩි පිරිසකගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වී තිබෙනවා.
පසුගිය පෙබරවාරියේ මුලින්ම වාර්තා වූ මෙම සයිබර් ප්‍රහාරයෙන් ගණුදෙනුකරුවන්ගේ ගමන් බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශපත්‍ර තොරතුරු පමණක් නොව ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල අංක පවා නිරාවරණය වී ඇති බව සඳහන්.
සයිබර් ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
2011 වසරේ අගෝස්තු 26 වනදා සිට මේ වසරේ පෙබරවාරි 20 වනදා දක්වා එයාර් ඉන්ඩියා ගුවන් සේවයේ ලියාපදිංචි වූ මගී තොරතුරුයි මෙලෙස අවදානමට ලක්ව ඇත්තේ.
කෙසේ නමුත්, මෙතෙක් එම තොරතුරු උපයෝගි කර ගනිමින් සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවක් පිළිබඳ වාර්තා නොවන බව ඉන්දීය ගුවන් සේවය සඳහන් කළා.