ශ්‍රී ලංකා වේගපන්දු ඇණියට කොවිඩ් ප්‍රහාරයක්

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මේ දිනවල බංග්ලාදේශයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්, ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනන්දු යන තිදෙනාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

මොවුන් සම්බන්ධයෙන් සිදුකළ පළමු PCR පරීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අද දින මේ තිදෙනාගේ දෙවැනි PCR පරීක්ෂණයත් සිදුකිරීමට නියමිත අතර යම් හෙයකින් එම PCR පරීක්ෂණය හරහා ඔවුන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව සනාථ වුවහොත් කණ්ඩායම නැවත ගෙන්වා ගැනීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රකාශකයකු සඳහන් කළේ.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බංගලාදේශ පළමු එක්දින තරගය අද බංග්ලාදේශයේ ඩකා හිදී ආරම්භ වීමට නියමිතයි.