දෛනික කොරෝනා මරණ වාර්තාව යළි අලුත් වෙයි

ශ්‍රී ලංකාව තුල එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ වාර්තාව යළිත් අලුත් කරමින් ඊයේ දිනයතුල මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ සිදුවී ඇත්තේ පසුගිය 16 වනදා සිට ඊයේ 22 දක්වා වන කාලය තුලයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම මරණවලින් 36කට හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව බව ද සඳහන්.

ඊයේ වාර්තාවූ මරණ වයස අවුරුදු 29ත්, 93ත් අතර වයස්වල පසුවන්නන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1178ක්.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් මේ වනවිට 161,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,909 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟයි.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 161,242ක්.

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 126,995ක් ලෙස සටහන් වනවා.