නිරෝධායන නීති කැඩූ 369ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 369 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 12130ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම නිරෝධායන මෙහෙයුම් තවදුරත් ක්‍රියාත්මකයි.

මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතර වී සිටි ඇමරිකානු ජාතිකයෙකු නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව සැකකරු ඇප බැඳුම්කරයක් මත නිදහස් කර ඇති අතර ලබන 28 වනදා සිද්ධියට අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

මෙම ඇමරිකානු ජාතිකයාට දැඩිව අවවාද කළ ද එම අවවාද නොසලකාහරිමින් නිරෝධායන නීති උල්ලංඝණය වන ආකාරයෙන් හැසිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ සාද පැවැත්වීම කණ්ඩායම් වශයෙන් පුද්ගල එක් රැස්වීම තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් බවයි.

මෙවැනි කටයුතු පිළිබඳ සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබෙනවා.

අද දිනයේදී පොලිසිය විසින් මාර්ග බාධක ජංගම සංචාර මෙන්ම පාමුර සංචාර ද ක්‍රියාත්මක කරනු ලබනවා.

දැඩි සංචරණ සීමා අද දිනයේත් ක්‍රියාත්මක වන අතර ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධනහල් විවෘත කර තැබීමට අවස්ථාව හිමිවනවා.