විපක්ෂ නායක සජිත්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමිනුයි විපක්ෂ නායකවරයා මේබව ප්‍රකාශකර ඇත්තේ.
තම බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) රෝහල් ගත කළ බව ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබෙනවා.
ඒ හේතුවෙන් තමා ද පී.සී.ආර් පරීක්ෂණයකට ලක්වූ අතර මීට ටික වේලාවකට ලැබුනු එහි ප්‍රතිඵල අනුව තමා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.
තම බිරිඳට කොරෝනා වෛරස් ආසාදිත රෝග ලක්ෂණ පැවතිය ද තමාට කිසිදු රෝග ලක්ෂණයක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේවෙතත් තමා ද මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි විපක්ෂ නායකවවරයා සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනේ දැක්වෙන්නේ.
මේ අතර විපක්ෂ නායකවරයාගේ සමීප ආශ්‍රිතයන් වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට ලක්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
තමා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක්වීමට ද නියමිත බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.